සාමාන්‍ය දැනීම - ගුරු විභාග සඳහා


·Image result for education

  •         අධ්‍යාපනයේ භාෂා ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට තෛභාෂා සූත්‍රය three language formula හඳුන්වා දුන් රට - ඉන්දියාව
  • ·         ජාතික සාක්ෂරතා සේවය national literacy mission හඳුන්වා දුන්නේ - ඉන්දියාව
  • ·         අධ්‍යාපනය සඳහා 10+2+3 රටාව හඳුන්වා දුන්නේ - ඉන්දියාව
  • ·         එංගලන්තයේ අනිවාර්ය අධ්‍යාපනය - අවුරුදු 13
  • ·         අනිවාර්ය අධ්‍යාපනය එංගලන්තයේ මට්ටමට ගෙන ඒමට ක්‍රියා කරන ආසියානු රට - ශ්‍රි ලංකාව
  • ·         ප්‍රාථමික සිසුන් අතරමගදී අධ්‍යාපනයෙන් හැලී යාම වැඩිපුරම දක්නට ලැබෙනුයේ - වතුකරයේ (වතු පාසල් සංවර්ධනය ආරම්භ කළේ කොටගල හැටන් වතුකරවලින්
  • ·         නොනවතින අධ්‍යාපනයේ අවශ්‍යතාව මුලින්ම පෙන්වා දුන්නේ - කොතාරි අධ්‍යාපන කොමිසම Kothari Education Commission
  • ·         නොනවතින අධ්‍යාපනයේ අරමුණ - ජීවිතයේ මුල් භාගයේදී පෞද්ගලික ආර්ථික සමාජ බාධා ඇණහිටින ලද අධ්‍යාපනය සම්පූර්ණ කිරීම.
  • ·         යාවජීව අධ්‍යාපනය (උපතේ සිට මරණය දක්වා ඉගෙනීම) පිළිබඳ වටමේස සමුළුව 1968 පැවැත්වුණේ  - -- ඉන්දියාවේ
  • ·         education යන වචනය බිඳී ආවේ ලතින් බසින්
  • ·         ගුරු විද්‍යාල පාඨමාලාව අවසානයේ පිරිනමනු ලබන සහතිකය - ගුරු පුහුණු සහතිකය
  • ·         විශේෂ අධ්‍යාපනය වෙනුවෙන් පාඨමාලා පැවැත්වෙන ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය - මීරිගම හාපිටිගම අධ්‍යාපන විද්‍යාපීඨය
  • ·         SAITAM – South Asian Institute of Technology And Medicine
  • ·         21 වන සියවසේ ඉගෙනීමේ C4 - සන්නිවේදනය, සහයෝගීතාව, විචාරාත්මක චින්තනය, නිර්මාණශීලිත්වය
  • ·         21 වන සියවසේ පන්ති කාමරයක නාභිගත වන කරුණු - ශිෂ්‍ය කේන්ද්‍රගත, ව්‍යාපෘති පාදක, යාවජීව ඉගෙනුම්කරුවන් නිර්මාණය කිරීම.
  • ·         ශ්‍රී ලංකාවේ ගුරුවරුන්ගේ කාන්තා ප්‍රතිශතය - 71.2%
  • ·         ආබාධිත පුද්ගල අයිතිවාසිකම් සුරැකීමේ පනත සම්මත වුණේ - 1996
  • ·         මෙරට ළමා මිතුරු පාසල් ක්‍රමය හඳුන්වා දුන්නේ - UNICEF
  • ·         නොමිලේ පාසල් පෙළපොත් දුන්නේ - 1980
  • ·         නොම්ලේ පාසල් නිළ ඇඳුම් දුන්නේ - 1993
  • ·         ස්කොලාකල් කොමිසම යනු ලන්දේසි පාලන සමයේ ශ්‍රී ලංකාවේ ක්‍රමවත් අධ්‍යාපනයක් ඇති කිරීමට පිහිටවූ කොමිසම
  • ·         ශ්‍රී ලංකාවේ ගුරු සිසු අනුපාතය - 1:18
  • ·         ශ්‍රී ලංකාවේ පාසල් පැවැත්වෙන සාමාන්‍ය දින ගණන - 210
  • ·         ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කලාප ගණන - 98
  • ·         නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අධ්‍යාපන ඇමති  - ඊ.ඒ.නුගවෙල
  • ·         ප්‍රථම විභාග කොමසාරිස් - එල්.එල්.කේ.ගුණතුංග
  • ·         මුස්ලිම් පාසල් ඇරඹීමේ පුරෝගාමියා - එම්.සී.සිද්දි ලෙබ්බේ
  • ·         ලන්දේසින්ගේ සමයේ ඇරඹී පාසල් - පැරිස් පාසල්
  • ·         ශ්‍රී ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල ගණන - 15
  • ·         මුළු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සංඛ්‍යාව - 19
  • ·         ලංකාවේ එකම බන්ධනාගාර පාසල පිහිටා ඇත්තේ - හෝමාගම, වටරැක
  • ·         තාක්ෂණවේදය විෂය සඳහා උපාධි ලබා දෙන විශ්ව විද්‍යාලය - වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය
  • ·         උසස් පෙළ විෂය සංඛ්‍යාව 4 සිට 3 දක්වා අඩු කළ වසර - 1998
  • ·         පාසල් නිල ඇඳුම ලෙස ශිෂ්‍යාවන් ළමාසාරි අඳින උතුරුමැද පළාතේ පිහිටි පාසල - කැකිරාව මධ්‍ය මහා විද්‍යාලය
  • ·         ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමට ආධාර දුන් රට - ස්වීඩනය
  • ·         ලංකා ද්‍රවිඩ සංගමය ඇරඹූ සුප්‍රකට සහෝදරයන් - පොන්නම්බලම් අරුණාචලම්, පොන්නම්බලම් රාමනාදන්
  • ·         මිශ්‍ර සිංහල හෝඩියේ ස්වර ගණන - 18

උපුටා ගැනිම Ceylonbook වෙබ් අඩවියෙනි.



Comments

Post a Comment

Popular posts from this blog

ලෝක ජාත්‍යන්තර දින

වැස්ස