අන්තර්ජාලය හරහා මුදල් උපයන ක්‍රම 1

අන්තර්ජාලය හරහා මුදල් ඉපයීම වර්තමානයේ ගොඩක් ප්‍රසිද්ධ ක්‍රමයක්. හැබැයි අපේ රටේ හොඩක් දෙනෙක්ට මේ ගැන අවබෝධයක් නෑ. එහෙම නැත්නම් විශ්වාස කරන්නෙ නෑ. ඇත්තටම අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුළුවන්. හැබැයි ව්‍යාජ වෙබ් අඩවිත් ඔීනෑ තරම්. ඒක නිසා හොඳ පරිස්සමින් තමයි වෙබ් අඩවි තෝරා ගන්න ඔීනෑ.. නැත්නම් තමන්ගේ කාලය ශ්‍රමය අපරාදේ..ඒ වගේම මේක ඉවසීමෙන් කරන්න ඔීනි වැඩක්..ඉක්මනින් පෝසත් වෙන්න හිතන් ඉන්න අයට මේක කරන්න අමාරුයි. මොකද ටික ටික තමයි ආදායම වැඩි වෙන්නේ.. ඒක නිසා හොඳ ආදායමක් ගන්න ටික කාලයක් යනවා..
දැන් අපි බලමු අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුළුවන් ක්‍රම මොනවද කියලා....

  • බ්ලොග් අඩවියක් මඟින් මුදල් ඉපයීම
Image result for earn money from blog
ඕනෑම කෙනෙක්ට පහසුවෙන් මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ. ඔබ උනන්දුවක් දක්වන ක්ෂේත්‍රයක් පිළිබඳව කරුණු ඇතුළත් කරමින් බ්ලොග් අඩවියක් නිර්මාණය කිරීම වඩාත් සුදුසුයි. wordpress, blogger වැනි platform හරහා වෘත්තීමය පෙනුමක් සහිත බ්ලොග් අඩවියක් හදා ගන්න පුළුවන්. ලිපි ලිවීමේදී භාෂා හැකියාව, පරිගණක භාෂා භාවිතය පිළිබඳ  දැනුම තිබීම බ්ලොග් අඩවියක් ඉදිරියට පවත්වා ගෙන යාමට වැදගත්..තවත් අත්‍යවශ්‍යම දෙයක් තමයි බ්ලොග් අඩවිය .com .lk වගේ ඩොමේන් නාමයක් යටතේ ලියාපදිංචි වෙලා තිබීම.
මේ විදිහට හදාගත් බ්ලොග් අඩවියකට දෛනිකව පැමිණෙන පිරිස 100ක් පමණ වූ විට google adsense හි වෙළඳ දැන්වීම් අයදුම් කරන්න පුළුවන්. එතකොට ඔයාගේ බ්ලොග් අඩවියේ දැන්වීම් කිහිපයක් ප්‍රදර්ශනය වෙනවා. එමඟින් දිනකට $0.5 සිට $30 දක්වා සාර්ථකව මුදල් උපයන්න පුළුවන්.
  • දැන්වීම් නැරඹීම.
දැන්වීම් නැරඹීම මඟින් නැත්නම් Paid To Click (PTC Site) හරහා මුදල් ඉපයීම තමයි පහසුම ක්‍රමය. PTC Site විශාල ප්‍රමාණයක් අන්තර්ජාලයේ තිබුණත් ඒවා හැම එකක්ම එතරම් විශ්වාස කරන්න බෑ. මොකද 99% ක්ම ව්‍යාජ ඒවා. ඉතිං අපි මුදල් උපයන්න විශ්වාසවන්ත PTC සයිට්ම තෝර ගන්න ඔීනි. කාලයක් තිස්සේ පවත්වා ගෙන යන, සාමාජිකයන් විශාල ප්‍රමාණයක් ලියාපදිංචි වෙලා ඉන්න සයිට් එකක් නම් විශ්වාසයක් තියන්න පුළුවන්. ඒ වගේම Ad එකක් click කළහම ලැබෙන්නේ පොඩි ගණනක්. $0.01ක් වගේ.. එක Ad එකක් click කළහම $5ක් වගේ දෙනවා කියලා තියෙනවා නම් අනිවාර්යයෙන් ඒක ව්‍යාජ සයිට් එකක්..
Image result for earn moneyඉතිං ඔය විදිහට තෝරලා බේරලා විශ්වාසවන්ත PTC සයිට් එකක ලියාපදිංචි වුණහම ඔවුන් අපට දිනපතා දැන්වීම් කිහිපයක් නරඹන්න අවස්ථාව දෙනවා. ඒවා තත්පර 30 සිට විනාඩියක පමණ කාලයක් බලන්න ඔීනි. එතකොට යම්කිසි මුදලක් අපේ ගිණුමට ඔවුන් එකතු කරනවා. (PTC සයිට් එකෙන් සයිට් එකට මේ ක්‍රමය ටිකක් වෙනස් වෙනවා.)  මෙම PTC සයිට් වලින් එකතු වෙන මුදල් ලබා ගන්න Payza, Paypal වගේ ගිණුමක් තියෙන්න ඔීනි. වඩාත් සාර්ථක ගිණුම Payza.. 
  • දැන්වීම් ප්‍රචාරණය
Image result for earn money with adඅන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි දැන්වීම් ප්‍රචාරණය. ඉතිං මේ දැන්වීම් ප්‍රචාරණය කරන්න වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් තියෙන්න ඔීනි. බ්ලොග් වලට වෙළඳ දැන්වීම් ලබා දෙන විවිධ වෙබ් අඩවි රාශියක් තියෙනවා. මේ වෙබ් අඩවි වලට ව්‍යාපාරිකයන් තමන්ගේ වෙළඳ දැන්වීම් ප්‍රචාරණය කරගන්න ගාස්තු ගෙවනවා . ඊටපස්සේ වෙබ් අඩවි තමන් සමඟ ලියාපදිංචි වෙලා ඉන්න බ්ලොග් අඩවිවල එම දැන්වීම් පළ කරනවා. එම දැන්වීම් පළවී ඇති බ්ලොග් අඩවිවලට පැමිණෙන අය දැන්වීම් නැරඹුවහම බ්ලොග් අඩවි හිමිකරුට කොමිස් මුදලක් ලැබෙනවා. ඉතිං Visits ගණන වැඩිවීම මත ලැබෙන මුදලද වැඩි වෙනවා.
මේ විදිහට අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. ඒවා ඊළඟ ලිපියෙන් දාන්නම්... 

Comments

Popular posts from this blog

සාමාන්‍ය දැනීම - ගුරු විභාග සඳහා

ලෝක ජාත්‍යන්තර දින

වැස්ස