හෙණ ගැසීම

Image result for lightningහෙණ ගැසීම නැත්නම් අකුණු ගැසීම පොලොව මතුපිට සිදුවන ස්වභාවික ක්‍රියාවලියක්..මිනිසාට මෙන්ම අනෙක් ජීවීන්ට හා ස්වභාවික පරිසරයට හානි සිදු වන නිසා අකුණු ස්වභාවික විපතක් ලෙස ගැනේ. අපේ ලෝකයේ උපතටද අකුණු ගැසීම හේතුවක් වූ බව ඔබ දන්නවාද .. මේ නිසා පෘථිවිය මත අකුණුවල ක්‍රියාකාරීත්වයක් නොතිබුණා නම් ජීවීන්ට ජීවත් වීමට සුදුසු ස්ථානයක් ලෙස පෘථිවිය සැකසෙන්නේ නැත. එසේම පෘථිවියේ ජීවය අඛණ්ඩව පවත්වා ගෙන යාමට ද අකුණු උපකාරී වේ.
අකුණු පහරක් යනු විද්‍යුත් ආරෝපණය කැටිවූ වළාකුලක් හෝ වළාකුළු තුළින් පෘථිවිය වෙතට සිදුවන විද්‍යුත් ක්‍රියාවලියක්.මෙම ක්‍රියාවලිය විද්‍යුත් විසර්ජනය ලෙස හඳුන්වයි.
අකුණු පහරක අඩංගු ශක්තිය කෙසේ හෝ ගබඩාකර ගතහොත් එම ආරෝපණය ශ්‍රී ලංකාව වැනි රටක අවුරුදු 10ක පමණ විදුලි අවශ්‍යතාව සැපිරීමට තරම් ප්‍රමාණවත්. පෘථිවි අකුණු පහරක සාමාන්‍ය ධාරාව ඇම්පියර් 25000 ක් වන අතර වෝල්ටීයතාවය වෝල්ට් මිලියන 100 ක් පමණය.


අකුණු පහරක් ළඟා විය හැකි ආකාර


  • සෘජු ගැටුම
වළාකුළක සිට පහත් වන අකුණු ධාරාවක් සෘජුවම ළඟා වීම. මෙය ඉතා අනතුරුදායකය.
  • ස්පර්ශ වෝල්ටීයතාවය
ගසක්, ගොඩනැගිල්ලක්, කම්බියක් වැනි ද්‍රව්‍යයක් ස්පර්ශව ඒ හරහා අකුණු ලඟා වීම.
  • අංශු ජ්වලන
පෘථිවිය වෙත අකුණු ධාරාවක් ගමන් කරන ද්‍රව්‍යයක් ආසන්නයේ සිටින විට ද්‍රව්‍යයේ සිට ඇති පරපරය පැන ආංශික ලෙස අකුණු පහර ළඟා වීම.
  • පියවර වෝල්ටීයතාවය 
පෘථිවිය හා ශරීරයේ කොටස් ස්පර්ශව පවතින විට සිදුවිය හැකි උවදුරකි.
  • අධි වෝල්ටීයතා (සර්ජ්) සම්ප්‍රේෂණය
විද්‍යුත් හා සන්නායක පද්ධති හා සම්බන්ධ හෝ ආසන්නව සිටියදී පද්ධතිය වෙත ළඟා වන අකුණු පහරවල බලපෑමෙන් ප්‍රේරණය වන ක්ෂණික අධි වෝල්ටීයතා පද්ධති ඔස්සේම සම්ප්‍රේෂණය වීම.

අකුණු වර්ග


  • තාප අකුණු (Heat Lightning)
මෙම අකුණු හට ගන්නා විට ගිගුරුමක් නොනැගේ. එහෙත් වළාකුළු ආලෝකමත් වෙයි.පොළොව මට්ටමේ සිට කි.මී.25 ක් පමණ ඉහළ අහසේ හට ගනී. මෙම අකුණු ඇති වනුයේ ඉහළ වළාකුළු වලින් අකුණු පරාවර්තනය විමෙනි.

  • තල අකුණු (Sheet Lightning)
වළාකුළක තලයක් වැනි කොටසක් පමණක් දීප්තිමත් වෙමින් හට ගන්නා අකුණු.

  • රොකට් අකුණු (Rocket Lightning)
ප්‍රමාණයෙන් දිග අකුණු රොකට් අකුණු වේ. මෙම අකුණු සිය ගමන් මාර්ගයේ සෙමින් සෙමින් ගමන් කරන ආකාරයක් දිස්වේ.

  • රිබන් අකුණු (Ribbon Lightning)
සුළං ප්‍රවාහවල බලපෑම මෙම අකුණුවලට හේතුව වේ. මේ නිසා වළාකුළු සහ පොළොව අතර සිදුවන අකුණු පහර විස්ථාපනයකට ලක්වීම නිසා පළලට දිස්වේ.

  • පබළු අකුණු (Bead Lightning)
වළාකුළක් හා පෘථිවිය අතර ඇතිවන අකුණු පබළු අකුණු නම් වේ. මෙහි විශේෂත්වය නම් මී.10 ක පමණ දිගින් යුතු කොටස් වලට කැඩී හෝ කැඩී තිබෙන ලෙස පෘථිවියට දිස් වීමයි.

  • බෝල අකුණු (Ball Lightning)
විවිධ ප්‍රමාණයන්ගෙන් දිස්වන මෙම අකුණු වායු ගෝලය තුළ එහා මෙහා ගමන් කරන වර්ණවත් ආලෝක ධාරාවලින් යුක්ත වේ. මෙම අකුණු රවුම් ස්වභාවයක් ගන්නා අතර ධාරාවක විෂ්කම්භය සෙ.මි.20 ක් පමණ වේ.

  • රතු දේවතාවා (Red Sprite)
කි.මී කිහිපයක් දුරට අකුණු වළාවක සිදුවන රතු පැහැති පිපිරීමක් රතු දේවතාවා නමින් හඳුන්වයි. බොහෝමයක් දෙනාගේ මතය වනුයේ අකුණු ධාරාවක් සමඟ ලෝහමය කූරක් පැමිණෙන බවයි. එසේ සිදු නොවෙයි. මෙහිදි සිදු වන්නේ අකුණු පහරේ ඇති ප්‍රබල විද්‍යුත් ධාරාව හේතුවෙන් එහි ගමන් මාර්ගයේ තිබෙන වායු කඳන් සැණින් රත් පැහැ ගැන්වීමයි.මෙම ක්‍රියාවලිය නිසා පොලොවට ලඟා වන අකුණ එම ස්ථානයේ සිට පොලොව මතුපට විවිධ දිශා වෙත සැණින් ගලා යයි. මෙසේ වීම නිසා පොලොව මත ඇති වායුන් හා ජලය සෙල්සියස් අංශක 1000 ක් තරම් අධික උෂ්ණත්වයකට රත්වීම නිසා ක්ෂණික පිපුරුමක් හට ගනී. මේ නිසා අකුණ ගමන් ගත් මාර්ගය මතුපිට පැළීම්, පිපිරීම් මෙන්ම වළවල් සෑදීමද සිදු වේ. මෙසේ වන පැළීම් නිසා අකුණක් සමඟ ලෝහමය දණ්ඩක් පොළොවට ළඟා වන බව බොහෝ දෙනාගේ විශ්වාසයයි.



  • නිල් ජෙට් (Blue Jet)

  • අකුණු වලාවේ මැද පෙදෙසට ඉහළ සිට ඊට ඉහලින් පිහිටි වලාකුළු දෙසට ඉතා සැණින් පිපිරී යන අකුණු නිල් ජෙට් යනුවෙන් හැඳින්වේ. එසේ හැඳින්වීමට හේතුව නිල් පැහැති කේතුවක හැඩයෙන් යුත් ආලෝක ධාරාවක් පිටවීමයි.

    Comments

    Popular posts from this blog

    සාමාන්‍ය දැනීම - ගුරු විභාග සඳහා

    ලෝක ජාත්‍යන්තර දින

    වැස්ස