Posts

Showing posts from May, 2018

හෙණ ගැසීම

Image
හෙණ ගැසීම නැත්නම් අකුණු ගැසීම පොලොව මතුපිට සිදුවන ස්වභාවික ක්‍රියාවලියක්..මිනිසාට මෙන්ම අනෙක් ජීවීන්ට හා ස්වභාවික පරිසරයට හානි සිදු වන නිසා අකුණු ස්වභාවික විපතක් ලෙස ගැනේ. අපේ ලෝකයේ උපතටද අකුණු ගැසීම හේතුවක් වූ බව ඔබ දන්නවාද .. මේ නිසා පෘථිවිය මත අකුණුවල ක්‍රියාකාරීත්වයක් නොතිබුණා නම් ජීවීන්ට ජීවත් වීමට සුදුසු ස්ථානයක් ලෙස පෘථිවිය සැකසෙන්නේ නැත. එසේම පෘථිවියේ ජීවය අඛණ්ඩව පවත්වා ගෙන යාමට ද අකුණු උපකාරී වේ. අකුණු පහරක් යනු විද්‍යුත් ආරෝපණය කැටිවූ වළාකුලක් හෝ වළාකුළු තුළින් පෘථිවිය වෙතට සිදුවන විද්‍යුත් ක්‍රියාවලියක්.මෙම ක්‍රියාවලිය විද්‍යුත් විසර්ජනය ලෙස හඳුන්වයි. අකුණු පහරක අඩංගු ශක්තිය කෙසේ හෝ ගබඩාකර ගතහොත් එම ආරෝපණය ශ්‍රී ලංකාව වැනි රටක අවුරුදු 10ක පමණ විදුලි අවශ්‍යතාව සැපිරීමට තරම් ප්‍රමාණවත්. පෘථිවි අකුණු පහරක සාමාන්‍ය ධාරාව ඇම්පියර් 25000 ක් වන අතර වෝල්ටීයතාවය වෝල්ට් මිලියන 100 ක් පමණය. අකුණු පහරක් ළඟා විය හැකි ආකාර සෘජු ගැටුම වළාකුළක සිට පහත් වන අකුණු ධාරාවක් සෘජුවම ළඟා වීම. මෙය ඉතා අනතුරුදායකය. ස්පර්ශ වෝල්ටීයතාවය ගසක්, ගොඩනැගිල්ලක්, කම්බියක් වැනි ද්‍රව්‍යයක් ස්ප

වැස්ස

Image
මොකක්ද මේ වැස්ස කියන්නේ... ඉහළ අහසේ සිට  ද්‍රවමය ආකාරයට ජලය පොළොවට පතිත වීම වැස්ස කියලා හඳුන්වන්න පුළුවන්. වැස්ස ඇතිවන්නේ පොළොව මත තිබෙන වායුගෝලයේ ඇති ජල වාෂ්ප වායුගෝලයේ රැඳී සිටීමට නොහැකි තරම් ඝනීභවනය වූ විටදීයි. ඉහළ අහසෙන් වැටෙන සියලුම වැහි බිංදු පොළොවට එන්නෙ නෑ. ඒවා මඟදි වාෂ්ප වී යනවා. පහළ වායු ගෝලයේ ඇති උෂ්ණත්වය සහ පීඩනය මෙයට හේතුවයි. කාන්තාර ප්‍රදේශවල මෙය බහුලව දැකිය හැකියි. වැස්ස ලෝකයේ බොහෝ ප්‍රදේශවල පිරිසිදු ජල මූලාශ්‍රයක් ලෙස ගැනේ. වැස්ස ජල විදුලි බලාගාරවලට හා කෘෂිකර්මාන්තයට ආදියට අත්‍යාවශ්‍ය සාධකයකි. අවාසනාවට මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා වර්ෂාවටද බොහෝ ලෙස බලපෑම් එල්ල කරයි. අධික කාර්මීකරණය නිසා වායුගෝලයට එකතු වෙන විෂ වායුන් වර්ග හා සියුම් අංශුමය කොටස් නිසා අපවිත්‍ර වළාකුළු සෑදෙන අතර වර්ෂාව සෑදෙන රටාවද වෙනස් කරයි. නිදසුනක් ලෙස ඇමෙරිකාවේ මුහුදු බඩ ප්‍රදේශවල සෙනසුරාදාට වැස්ස ඇතිවීමේ හැකියාව සඳුදාට වඩා 22%කින් වැඩිය. එයට හේතුව වන්නේ සෙනසුරාදා වන විට වායු දූෂණය උපරිම වීමයි. වර්ෂාව ජල චක්‍රයේ ප්‍රධාන අංගයක්. විශාල ජල වාෂ්ප ප්‍රමාණයක් වැස්ස මඟින් ද්‍රව ජලය බවට හරවා පොළොවට ලබා දෙයි.

ජපානයේ අරුම පුදුම විස්තර...

Image
ජපානය යනු පැරණි සම්ප්‍රධායන්ට ගෞරව කරන වර්තමානයේ තාක්ෂණය අතින් අදහාගත නොහැකි දියුණුවක් අත්පත් කොට ගෙන සිටින රටකි. සමහරක් වෙලාවට ජපානයේ මිනිසුන් අනුගමනය කරන විවිධ නීති රීති සහ සිරිත් විරිත් අනෙක් පුද්ගලයන් මවිත කරවීමටද සමත් වෙනවා. පහත දක්වා ඇත්තේ එවැනි කාරණා 13කි 01. ජපානයේ බස් රථ වර්ජන නිසා මගීන්ට වාසි සැලසේ. ලෝකය පුරා අනෙක් රටවල් වල බස් වර්ජන නිසා මගින් බොහෝ අපහසුතා වලට ලක් වූවත් ජපානයේ බස් වර්ජන නිසා එසේ සිදු නොවේ. ජපානයේ රියදුරන් බස් වර්ජන වලදී බස් රථ නිසි වෙලාවට ධාවන කරවන අතර මගින් ගෙන් මුදල් අය කර නොගනී.මේ හේතුව නිසා බස් රථ අයිතිකරුවන්ට පාඩු සිදු වීම පමණක් සිදු වේ. 02. ජපානයේ ප්‍රධාන සාප්පු සංකීර්ණයක විදුලි සෝපානය නඩත්තු කටයුතු සදහා වසා ඇති අතර එය භාවිතා නොකරන ලෙස සහ ඒ පිලිබදව කනගාටුව පලකරන නිවේදනයක් ඒ ඉදිරියේ සදහන් කොට ඇත. නමුත් මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ පිළිබද බාර නිලදාරියෙකු එම ස්ථානයේ ආරක්ෂාව සදහා යොදවා ඇත. 03. දුම්රිය එනතුරු සිටින මගින් ඉතා සන්සුන්ව පේලි සැදී සිටින ආකාරය ජපානයේ සුලබ දසුනකි. පැමිණි පිළිවෙලට සන්සුන්ව දුම්රියට නැග පිටත් වීම ඔවුන්ගේ සිරිතයි. 04. ජපානය

දෘෂ්ටි මායාවන්...

Image
Photoshop වැනි සංස්කරණ මෘදුකාංග භාවිතයෙන් තොර ඡායාරූප එකතුවක්.. අවශ්‍ය වන්නේ කැමරාවක් සහ නිර්මාණාත්මක කැමරා කෝණ දකින ඇසක් පමණි . ඔබත් උත්සහ කරන්න ලෝකය වෙනස් ආකාරයකට දකින්න ..                                                                                                                                                                      

අදහාගත නොහැකි දසුන් පෙළක් ...

Image
ග්වාටමාලා නගරයේ ඇති වූ අඩි 60ක් පළල සහ අඩි 200ක් ගැඔුරු කුහරය. ඇල්ගී පිරුණු චීනයේ පිහිටි Chaohu Lake විල. මේ ඇත්තටම වළාකුළක්.. අතිශයෙන් පිරිසිදු ජලය.. මේ ඕස්ට්‍රේලියාවේ දූවිලි කුණාටුවක්.. එක්සත් රාජධානියේ ජලාශයක පිහිටි කුහරයකි. මෙය ගංවතුර වැළැක්වීම සඳහා නිර්මාණය කරන ලද්දකි.. ගෘහස්ථව පිහිටි වළාකුලක්.. ඕස්ට්‍රේලියාවේ සිඩ්නිවල වෙරළක පිහිටි අපූරු නිර්මාණයක්.. ගම්මානයකට කඩා වැදෙන නැවක්.. ෆොටෝෂොප් නෙවෙයි.. ඇත්තටම කළු-සුදු සැන්ටා ඇඳුමක්.. ටොනාඩෝවක් සමඟ දේදුන්නක්.. හිසක සිදුරක් සහිත මිනිසෙක්.. දකුණු කොරියාවේ පිහිටි විශේෂිත සංචාරක හෝටලයක්.. රුසියාවේ පිහිටි බයිකල් විල..

ලෝකයේ ධනවතුන්....

Image
ජෙෆ් බෙසෝස් ‍ලොව අංක එකේ ධනවතා. සුප්‍රකට amazon සමාගමේ හිමිකරු වත්කම ඩොලර් බිලියන 112 ක්. ඇමෙරිකානු ජාතිකයෙක්. උපත ලැබුවේ 1964 ජනවාරි 22 වන දා. පුතුන් තිදෙනෙකුගේ සහ දියණියකගේ පියෙක්.     2.  මාර්ක් සකර්බර්ග් සුප්‍රකට සමාජජාල වෙබ් අඩවියක් වන ෆේස්බුක් නිර්මාතෘ. යුදෙව් ජාතිකයෙක්. උපත ලැබුවේ 1984 මැයි 14 වන දින. පියා-එඩ්වර්ඩ්. ඔහු දන්ත වෛද්‍යවරයෙක්. මව-කරෙන්. ඇය මනෝ චිකිත්සකවරියක්. වත්කම ඇමෙරිකානු ඩොලර් 78 බිරිඳ චෑන්. පාසල හාවර්ඩ් විද්‍යාලය. 2004;2008 කාලය තුළ ලොව ලාබාලතම කෝටිපතියා. ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ 6 වන ස්ථානය.     3.  මා හුවගෙන්ග් ආසියාවේ ධනවත්ම තැනැත්තා. වත්කම ඇමෙරිකානු ඩොලර් 45ක්. චීන ජාතිකයෙක්. ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ 17 වන ස්ථානය Tencent හි හිමිකරුවා. තාක්ෂණ ලෝකයේ දැවැන්තයෙක්.     4. බිල් ගේට්ස් උපත ලැබුවේ 1955 ඔක්තෝම්බර් 28 වන දිනයි. ඇමෙරිකානු ජාතිකයෙක්. පියා නීතිඥවරයෙක්. මව ගුරුවරියක්. වැඩිමහල් සොයුරිය ක්‍රිස්ටිනා. බාල සොයුරිය ලිවී. බිරිඳ මෙලින්ඩා ෆ්රෙන්ඩ්. දියණියන් දෙදෙනෙකුගේ සහ පුතෙකුගේ ප

අන්තර්ජාලය හරහා මුදල් උපයන ක්‍රම 1

Image
අන්තර්ජාලය හරහා මුදල් ඉපයීම වර්තමානයේ ගොඩක් ප්‍රසිද්ධ ක්‍රමයක්. හැබැයි අපේ රටේ හොඩක් දෙනෙක්ට මේ ගැන අවබෝධයක් නෑ. එහෙම නැත්නම් විශ්වාස කරන්නෙ නෑ. ඇත්තටම අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුළුවන්. හැබැයි ව්‍යාජ වෙබ් අඩවිත් ඔීනෑ තරම්. ඒක නිසා හොඳ පරිස්සමින් තමයි වෙබ් අඩවි තෝරා ගන්න ඔීනෑ.. නැත්නම් තමන්ගේ කාලය ශ්‍රමය අපරාදේ..ඒ වගේම මේක ඉවසීමෙන් කරන්න ඔීනි වැඩක්..ඉක්මනින් පෝසත් වෙන්න හිතන් ඉන්න අයට මේක කරන්න අමාරුයි. මොකද ටික ටික තමයි ආදායම වැඩි වෙන්නේ.. ඒක නිසා හොඳ ආදායමක් ගන්න ටික කාලයක් යනවා.. දැන් අපි බලමු අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුළුවන් ක්‍රම මොනවද කියලා.... බ්ලොග් අඩවියක් මඟින් මුදල් ඉපයීම ඕනෑම කෙනෙක්ට පහසුවෙන් මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ. ඔබ උනන්දුවක් දක්වන ක්ෂේත්‍රයක් පිළිබඳව කරුණු ඇතුළත් කරමින් බ්ලොග් අඩවියක් නිර්මාණය කිරීම වඩාත් සුදුසුයි. wordpress, blogger වැනි platform හරහා වෘත්තීමය පෙනුමක් සහිත බ්ලොග් අඩවියක් හදා ගන්න පුළුවන්. ලිපි ලිවීමේදී භාෂා හැකියාව, පරිගණක භාෂා භාවිතය පිළිබඳ  දැනුම තිබීම බ්ලොග් අඩවියක් ඉදිරියට පවත්වා ගෙන යාමට වැදගත්..තවත් අත්‍යවශ්‍යම දෙයක