වැස්ස

Image result for rainමොකක්ද මේ වැස්ස කියන්නේ... ඉහළ අහසේ සිට  ද්‍රවමය ආකාරයට ජලය පොළොවට පතිත වීම වැස්ස කියලා හඳුන්වන්න පුළුවන්. වැස්ස ඇතිවන්නේ පොළොව මත තිබෙන වායුගෝලයේ ඇති ජල වාෂ්ප වායුගෝලයේ රැඳී සිටීමට නොහැකි තරම් ඝනීභවනය වූ විටදීයි. ඉහළ අහසෙන් වැටෙන සියලුම වැහි බිංදු පොළොවට එන්නෙ නෑ. ඒවා මඟදි වාෂ්ප වී යනවා. පහළ වායු ගෝලයේ ඇති උෂ්ණත්වය සහ පීඩනය මෙයට හේතුවයි. කාන්තාර ප්‍රදේශවල මෙය බහුලව දැකිය හැකියි.
වැස්ස ලෝකයේ බොහෝ ප්‍රදේශවල පිරිසිදු ජල මූලාශ්‍රයක් ලෙස ගැනේ. වැස්ස ජල විදුලි බලාගාරවලට හා කෘෂිකර්මාන්තයට ආදියට අත්‍යාවශ්‍ය සාධකයකි. අවාසනාවට මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා වර්ෂාවටද බොහෝ ලෙස බලපෑම් එල්ල කරයි. අධික කාර්මීකරණය නිසා වායුගෝලයට එකතු වෙන විෂ වායුන් වර්ග හා සියුම් අංශුමය කොටස් නිසා අපවිත්‍ර වළාකුළු සෑදෙන අතර වර්ෂාව සෑදෙන රටාවද වෙනස් කරයි. නිදසුනක් ලෙස ඇමෙරිකාවේ මුහුදු බඩ ප්‍රදේශවල සෙනසුරාදාට වැස්ස ඇතිවීමේ හැකියාව සඳුදාට වඩා 22%කින් වැඩිය. එයට හේතුව වන්නේ සෙනසුරාදා වන විට වායු දූෂණය උපරිම වීමයි.
වර්ෂාව ජල චක්‍රයේ ප්‍රධාන අංගයක්. විශාල ජල වාෂ්ප ප්‍රමාණයක් වැස්ස මඟින් ද්‍රව ජලය බවට හරවා පොළොවට ලබා දෙයි. එවිට එම ජලය ඇළ, දොළ, ගංගා මඟින් මුහුදු හා සාගර කරා ගෙන එයි. එම ජලය තාපය හා අනෙකුත් සාධක නිසා නැවත වාෂ්ප වී ඉහළ වායු ගෝලය වෙත ඇදී යයි. Bergeron process විද්‍යාත්මක ක්‍රමය මගින් වැස්සේ ඇති වීම හා කඩා හැලීම මැනවින් පෙන්වයි.
වර්ෂාව මනින ඒකකය මිලි මීටර් (mm) ‍වේ. වර්ෂාව මනිනු ලබන්නේ වර්ෂා මාන මඟිනි. වර්ෂාව ප්‍රමාණය අනුව පහත පරිදි වර්ග කළ හැක.
  • ඉතා අඩු වර්ෂාපතන-වර්ෂාපතන පැයට මි.මි .025 ට වඩා අඩු
  • අඩු වර්ෂාපතන-වර්ෂාපතන පැයට මි.මි 0.25-1.0 ත් අතර
  • මධ්‍යම වර්ෂාපතන-වර්ෂාපතන පැයට මි.මි 1.0-4.0 ත් අතර
  • අධික වර්ෂාපතන-වර්ෂාපතන පැයට මි.මි 4.0-16.0 ත් අතර
  • ඉතා අධික වර්ෂාපතන -වර්ෂාපතන පැයට මි.මි 16.0-50.0 ත් අතර
  • ඉතාමත් අධික(අතී)වර්ෂාපතන-වර්ෂාපතන පැයට මි.මි 50.0 ට වඩා වැඩි
සාමාන්‍යයෙන් වැහි බිංදුවක හැඩය කඳුළු බිංදුවකට සමාන යැයි සැලකුවත් එසේ නොවන බව විද්‍යාත්මකව සොයා ගෙන ඇත. ජල බිඳුවක් එහි මූලාශ්‍රයේ සිට ගිලිහෙන මොහොතේ පමණක් කඳුළු බිඳුවක හැඩයට සමානවේ. වැහි බිඳු වල හැඩය සම්බන්ධව 1988 දී පිලිප් ලෙනාඩ් Philipp Lenard විසින්අධ්‍යනය කරන ලදී. ඔහුගේ නිරීක්ෂණ අතරට
  • කුඩා වැහි බිඳු (විශ්කම්භය මි.මි 2 ට අඩු ) හරියටම ගෝලාකාර හැඩයට සමන බව
  • විශ්කම්භය මි.මි 5ක් පමන වන ඒවා ඩෝනට් හැඩයට සමාන බව
  • විශ්කම්භය මි.මි. 5 ට වඩා වැඩි ඒවා අස්තායී වන අතර ඒවා කුඩා බිඳු වලට බෙදෙන බව

Comments

Post a Comment

Popular posts from this blog

සාමාන්‍ය දැනීම - ගුරු විභාග සඳහා

ලෝක ජාත්‍යන්තර දින

ජපානයේ අරුම පුදුම විස්තර...