ජපානයේ අරුම පුදුම විස්තර...

Related image
ජපානය යනු පැරණි සම්ප්‍රධායන්ට ගෞරව කරන වර්තමානයේ තාක්ෂණය අතින් අදහාගත නොහැකි දියුණුවක් අත්පත් කොට ගෙන සිටින රටකි. සමහරක් වෙලාවට ජපානයේ මිනිසුන් අනුගමනය කරන විවිධ නීති රීති සහ සිරිත් විරිත් අනෙක් පුද්ගලයන් මවිත කරවීමටද සමත් වෙනවා. පහත දක්වා ඇත්තේ එවැනි කාරණා 13කි
01. ජපානයේ බස් රථ වර්ජන නිසා මගීන්ට වාසි සැලසේ. ලෝකය පුරා අනෙක් රටවල් වල බස් වර්ජන නිසා මගින් බොහෝ අපහසුතා වලට ලක් වූවත් ජපානයේ බස් වර්ජන නිසා එසේ සිදු නොවේ. ජපානයේ රියදුරන් බස් වර්ජන වලදී බස් රථ නිසි වෙලාවට ධාවන කරවන
අතර මගින් ගෙන් මුදල් අය කර නොගනී.මේ හේතුව නිසා බස් රථ අයිතිකරුවන්ට පාඩු සිදු වීම පමණක් සිදු වේ.
  • 02. ජපානයේ ප්‍රධාන සාප්පු සංකීර්ණයක විදුලි සෝපානය නඩත්තු කටයුතු සදහා වසා ඇති අතර එය භාවිතා නොකරන ලෙස සහ ඒ පිලිබදව කනගාටුව පලකරන නිවේදනයක් ඒ ඉදිරියේ සදහන් කොට ඇත. නමුත් මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ පිළිබද බාර නිලදාරියෙකු එම ස්ථානයේ ආරක්ෂාව සදහා යොදවා ඇත.
    03. දුම්රිය එනතුරු සිටින මගින් ඉතා සන්සුන්ව පේලි සැදී සිටින ආකාරය ජපානයේ සුලබ දසුනකි. පැමිණි පිළිවෙලට සන්සුන්ව දුම්රියට නැග පිටත් වීම ඔවුන්ගේ සිරිතයි.
    04. ජපානයේ සිනමා ශාලා වල නරබන්නගේ උණුසුම තකා උණුසුම් සෝෆා සහ ඇතිරිලි පවා පිළියෙළ කොට ඇත. මෙවැනි සෝෆා ජපානයට ආවේනික ඒවා වේ.
    05.ජපානයේ පුද්ගලයන් බළලුන් ට බොහෝ ආදරය කරයි. ඔවුන් නිතරම තම උපකරණ වලට පුසන්ගේ සුරතල් අනුරුවක් යොදාගැනීමට උත්සාහ කරයි.
    06. ජපානයේ ඇති භාණ්ඩ වල මිල ගණන් දෙකක් සදහන් වේ. එකක් එම භාණ්ඩයේ වටිනාකම වන අතර අනික එයට එකතු කරන ලද බදු මුදලයි.ඔවුන් එය වෙන වෙනම පාරිභෝගිකයන් වෙත දැනුම් දෙයි.
    07. ජපානයේ ආහාර ඇනවුම් කල විට ඔබ විසින් පෙන්වන ලද ආහාරයේ ආකාරයටම පිළියෙළ කල ආහාර බදුනක් ඔබට අනිවාර්යෙන්ම ලැබේ.
    08. ජපානයේ කුලියට කුඩ ලබා දීම ඉතා සුලබ තත්වයකි. එම රටේ නිරන්තරයෙන් ඇතිවන නරක කාලගුණය නිසා නිතරම් කුඩ කැඩී බිදී යන අතර ඒවා සැකසීම වෙනුවට නැවතත් කුඩයක් මිලයට ගැනීම සුලබ කරුණකි.
    09. ජපානයේ බෙප්පු නම් ප්‍රදේශයේ එකිනෙකා සමග උණු ජලය ආශ්‍රිතව සිදු කරන ක්‍රීඩා වර්ග බොහෝ ප්‍රචලිතව තිබුණි. ඒවා දෙදෙනෙකු සමග කල හැකි ක්‍රීඩා වේ. නමුත් හදිසියේ ඇති වන සුළි සුලන් තත්ව නිසා මෙම ප්‍රදේශයට පැමිණෙන සංචාරකයන්
    අඩු වී තිබේ.
    10. ජපානයේ එක් එක් හෝටල් වලට ආවේනික වූ සෙරෙප්පු ඇත.හෝටලයට පැමිණෙන ඕනෑම කෙනෙකුට මෙම සෙරෙප්පු යුගලයක් නොමිලේ ලැබේ.
    11. ජපානයේ හෝටල් ඉදිරියේ එහි ඇති ආහාර වර්ග වල සාම්පල තබා ඇත. ඒවා ඉතා සුවදින් යුක්ත වන අතර ඕනෑම කෙනෙකු ආකර්ෂණය කිරීමටද සමත් වේ.
    12. සෙල්ලම් බ්ලොක් කැබලි භාවිතා කර සකුරා මල් ගස් සෑදීම ජපානයේ සුලබව සිදු වන්නකි. ඒ සදහා වෙන් වූ උද්යානද එරට දකින්නට ඇත.
    13. ජපානය යනු ස්වභාව සෞන්දර්යෙන් අනුන රටකි.කොතරම් තාක්ෂණික අතින් දියුණු වුවත් ඔවුන් තමාගේ රටේ ස්වාභාවිකත්වය ආරක්ෂා වන අයුරින් කටයුතු කිරීමට කැමැත්තක් දක්වයි.
මෙම ලිපියේ පූර්ණ අයිතිය https://www.lowenapita.com/ වෙබ් අඩවිය සතුය.

Comments

Popular posts from this blog

සාමාන්‍ය දැනීම - ගුරු විභාග සඳහා

ලෝක ජාත්‍යන්තර දින

වැස්ස