EPF (සේවක අර්ථ සාධක අරමුදල) ගැන ඔබ දැනුවත් ද..


Image result for epf

සේවක අර්ථ සාධක මුදල යනු කුමක්ද
සේවක අර්ථ සාධක මුදල කියන්නේ 1958 අංක 15 දරණ පනතේ පිහිටලා තියෙන මේ රටේ තියෙන දැවැන්තම සමාජ ආරක්ෂණ අරමුදල. මේ අරමුදල පරිපාලනය කරන්නේ කම්කරු දෙපාර්තමේන්තුවෙන්. එහි මූල්‍ය කළමණාකරණය කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින්. මේ අරමුදලට බැඳෙන්න අවශ්‍ය සුදුසුකම තමයි කිසියම් සේවකයෙක් රාජ්‍ය සේවයේ නැතිව පුද්ගලිකව හෝ අර්ධ රාජ්‍ය අංශයේ සේවය කිරීම. ඒ අයට පුළුවන්කම තියෙනවා මේ අර්ථ සාධක අරමුදලට බැඳෙන්න.  සාමාජිකයන් බඳවා ගැනීම සේවා යෝජකයන් විසින් කරන්න ඕනි. ඒක නීතියක්.  එහෙම බඳවා ගනු ලබන සාමාජිකයන්ගේ වැටුපෙන් 8%ක් අඩු කර ගෙන 12%ක් අදාළ හාම්පුතා විසින් ලබා දී 20%ක් එකතු කර ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යවන්න ඕනි. එය හැම මාසයක්ම අවසානයේ දී ඒ ඒ හාම්පුතා විසින් කරන්න ඕනි. එතකොට මේ අරමුදලට බැඳීම මඟින් ඇති වෙන්නා වූ විශේෂම කාරණය තමයි කිසියම් සේවකයෙක් තමන්ගේ සේවා කාලය නිම කරලා විශ්‍රාම දිවියට පැමිණි විට ඒ අයට මේ අරමුදලේ තියෙන ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව ලැබීම.
බොහෝ දෙනෙක්ට එන ගැටලුවක් තමයි ස්ථිර සේවකයන් පමණද මෙම අර්ථ සාධක අරමුදලට බැඳෙන්න පුළුවන් කියන එක. ඇත්තටම එහෙම දෙයක් නෑ. පුද්ගලික හෝ අර්ධ රාජ්‍ය සේවයේ නිරතව සිටින ස්ථිර, අනියම්,තාවකාලික ආදී ඕනෑම ආකාරයකට වැඩ කරන පුද්ගලයෙක්ට මෙම අරමුදලට බැඳෙන්න පුළුවන්. එසේ අර්ථ සාධක අරමුදලේ සාමාජිකත්වය ඔනෑම සේවකයෙක්ට ලබා දීම හාම්පුතාගේ වගකීමක්.

සේවකයෙකු අර්ථ සාධක අරමුදලට බඳවා නොගන්නේ නම් එහිදී සේවකයා විසින් ගත යුතු ක්‍රියාමාර්ග..

පුද්ගලික හෝ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයෙකුට අර්ථ සාධක මුදල ලබා දෙන්නේ නැතිනම් එය ලබා නොදීම සම්බන්ධව පැමිණිල්ලක් කම්කරු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. එවිට දෙපාර්තමේන්තුව විසින් අදාළ ආයතනයේ හාම්පුතා කැඳවලා හෝ හාම්පුතා සිටින තැනට ක්ෂේත්‍ර පරීක්ෂණයක් සඳහා නිලධාරීන් යොමු කරලා අදාළ සේවකයන්ට අර්ථ සාධක අරමුදල ලබා දීම සඳහා කටයුතු කරනවා. එම අර්ථ සාධක අරමුදල ගෙවීම නීතියට අනුව හාම්පුතා විසින් කළ යුතු අනිවාර්ය අංගයක්. මෙහිදී වැදගත් වන දෙයක් තමයි බොහෝ සේවකයින් පසුබට වෙනවා මෙසේ පැමිණිලි ඉදිරිපත් කරන්න. හේතුව තමන්ගේ රැකියාවට හානියක් සිදු වේයැයි බියෙන්. එවැනි අවස්ථාවල නිර්නාමිකව පැමිණිලි ඉදිරිපත් කරන්න හැකියාව තියෙනවා. දුරකථන මාර්ගයෙන් , ෆැක්ස් මාර්ගයෙන් හෝ ලිපි මාර්ගයෙන් නිර්ණාමිකව පැමිණිල්ල ඉදිරිපත් කරන්න පුළුවන්.  

30% පූර්ව විශ්‍රාම ප්‍රතිලාභය යනු..

මෙම ක්‍රමයට අනුව සේවා අන්ත ප්‍රතිලාභයට අමතරව නිවාස කාර්යයක්, වෛද්‍ය කාර්යයන් සඳහා කිසියම් ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්.  මෙම ප්‍රතිලාභය ලබා ගැනීමට හැකියාව තියෙන්නේ දැනට සේවයේ නිරතව සිටින, ලක්ෂ 3 ක අවම ශේෂයක් තියෙන, අවුරුදු දහයක සේවා කාලයක් තියෙන ඕනෑම සේවකයෙක්ට. නිවාස කාර්යයන් යටතට  දේපළක් මිලදී ගැනීම, තියෙන නිවස අලුත්වැඩියා කර ගැනීම, තම නමට ඇති දේපළ උකස් කර ඇති නම් එම ණය පියවා දැමීම ආදී කාර්යයන් අයත් වෙනවා. මෙම කාර්යයන් සඳහා ප්‍රතිලාභ ලබා ගැනීමට අදාළ ලියකියවිලි ලබා දිය යුතු වෙනවා.  වෛද්‍ය කාර්යයන්වලදී නම් නිශ්චිත රෝගාබාධ කිහිපයක් තියෙනවා. පිළිකා, හෘද සැත්කම්, දින 14කට වඩා අකර්මන්‍ය වෙලා රෝහල් ගත වෙලා සිටිනවා නම් එවැනි පුද්ගලයෙකුට, වකුගඩු ආබාධ සහිත පුද්ගලයෙකුට ආදී රෝගාබාධ සහිත සාමාජිකයෙක්ට හෝ පවුලේ කෙනෙකුට එම 30%ක ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. විශ්‍රාම පූර්ව ප්‍රතිලාභ ප්‍රධාන කාර්යාලයෙන් හෝ ලංකාව පුරා පිහිටලා තියෙන නියෝජ්‍ය කොමසාරිස් කාර්යාලවලින් ලබා ගන්න පුළුවන්.

සාමාන්‍ය ප්‍රතිලාභ එනම් කාන්තාව අවුරුදු 50 සම්පූර්ණ වූ විට හා පිරිමි අය අවුරුදු 55 සම්පූර්ණ වූ විට දිස්ත්‍රික් කම්කරු කාර්යාල හරහා ලබා ගත හැකියි.

Comments

  1. බැංකු වලින් හෝ වෙනත් පිලිගත් ආයතන වලින් ගත් ණය ගෙවා නිම කිරීමට මෙම 30% ණය ප්‍රතිලාභ අයදුම් කල හැකිද?

    ReplyDelete
  2. මම පාසලක පොත්හලක අවුරුදු අටක් පමණ සේවය කලා.අර්ථසාධක අරමුදල් මට ගෙව්වේ නෑ.මම දුරකථන මාර්ගයෙන් අර්ථසාධක අරමුදලට පැමිණි කලා. පසුගිය හිග අර්ථසාධකම්මදල් ගේ යුතු බවට නිර්දේශ කලා

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සාමාන්‍ය දැනීම - ගුරු විභාග සඳහා

ලෝක ජාත්‍යන්තර දින

ජපානයේ අරුම පුදුම විස්තර...